“මේ ඒකයැ
ඕයි, අද උල්ව් නගරෙ හරි පුදුම
ළමයෙක් ඉපදිලා ඉන්නවලු....!”
“පුදුම
ළමයෙක් ”
“ ඔව්,
ඒ ළමයගෙ මූණ හරි දිගයිලු, ඔළුව ඇගටත් වැඩිය
ලොකුයිලු ”
“එහෙනම්
ඒ ළමයගෙ අම්මටයි තාත්තට අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන් වෙයි, ”
“ ඒ
මොකක්ද? ”
“ළමයට
පාර අයිනෙ තියාගෙන හිටියම ප්‍රදර්ශනයක දාල සල්ලි හම්බකරන්න පුළුවන් ”
මා
මෙලොවට බිහිවූදා මගේ උපත පිළිබඳ ව මිනිසුන්
එසේ කතා කරන්නට ඇතැයි මම සිතමි. 1876
මාර්තු 14 වනදා ජර්මනියේ උල්ච්
නගරයේදී සිදුවු මගේ උපත අසාමාන්‍ය
දරු උපතක් විය.
දිගටි
මුහුණක් හා විශාල හිසක් සහිතව උපත ලද මාගේ විකාර රූපී සිරුර දුටු සියල්ලන්ටම මා සදාකාලික
අංගවිකල පුද්ගලයෙකු වන බවට සැක ලහල
විය. උපත ලබා වසර හතරක් ගතවන තුරුත් මා එකදු වදනක් හෝ කතා
නොකිරීමද නිසා ඒ සැකය තවත් තහවුරු වන්නට ඇතැයි මම සිතමි.
එසේ වුවද
වයස අවුරුදු හත අට වනවිට මා ක්‍රියාපටිපාටියෙන් හා ශරීරයෙන් නියම
මිනිසකු සේ සමාජයට මුහුන දිනිමි.
කුඩා
කල සිට ඉගෙනීමට මහත් ආශාවක් දැක්වූ මගේ ප්‍රියතම
විෂය වුයේ ගණිතයයි. මා මියුනික් නුවර
පාසලක මූලික අධ්‍යාපනය ලැබුවද, මාගේ
දෙමව්පියන් ඉතාලියට පදිංච්යට පැමිණි
පසු ඹවුන් මා ඉතාලියේ “ ඇරෝ ස්ටීට්ස් ” පාසලට ඇතුලත් කරනq ලැබීය.
ඒ 1896
වසරයි. යන්තම් වයස අවුරුදු 21
සම්පූර්ණ වූ විගසම මට සුරීච් හි
බහුතම් ආයතනයෙන් ගණිතය හා භෞතික චිද්‍යාව
පිළිබඳ ව උපාධියක් දිනා ගතිමි. ඒ හා සමගම
මට ගණිතය හා භෞතික චිද්‍යාව සම්බන්ධව පුහුණු ගුරුවරයෙකු වශයෙන් පත්වීමත්ද ලබාගත හැතිවිය. ඉන්පසු මම සියුම් විද්‍යා
පරීක්ෂණ කරන්නට පටන්ගතිමි. ඒ සඳහා සෑහෙන විවේකයත් අවශ්‍ය හෙයින් ගුරුවෘත්තයට සමුදී, නිෂ්පාදන ආරක්ෂක බලපත්‍ර
කාර්යාලයක සේවය සඳහා ගියෙමි.
එu රැකියාවට කරන අතරතුර
මා ලැබූ විශාල විවේකයෙන්
උපරිම ප්‍රතිඵළ ගැනීම සඳහා රැකියාව
කරන අතරතුර සුරිච් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරිමට අවස්ථාව ලබා
ගතිමි. අවසන 1905 පමණ එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය පදවිය දැරිමි. එහි ටික කාලයක් සේවය
කිරීමෙන් අනතුරුව බර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියට පත්වීමි.
ස්වාභාවික
සිද්ධීන් නව ක්‍රමයකට හදුන්වාදෙන “සාපේක්ෂතාවාදය” නැමැති විද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීමට සමත්වූ මට සර් අයිසෙක් නිව්ටන්
17 වන සියවසේදී ගණිත විද්‍යාව
සහ නක්ෂස්ත්‍ර විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කල නියමයන් හා මූළධර්මයන් වෙනස් කළ යුතු බව වැටහිනි. දිවා රෑ නොබලා ඒ පිළිබඳව පර්යේෂණ යන්හි ප්‍රතිඵලයක් ලෙස
ස්කන්ධය ශක්තියටත්, ශක්තිය ස්කන්ධයටත් අන්නෞන්‍ය වශයෙන් පරිවර්තනය කළ හැකි
බව පෙන්වා දීමට මා හට හැකියාව ලැබුණි.
භෞතික විද්‍යාව උදෙසා මා කළ මෙහෙය අගයමින් 1922 දී භෞතික විද්‍යාව උදෙසා වන නොබෙල් ත්‍යාගය මා වෙත පිරිනැමිනි. 1925 දී රාජකීය සංගමයේ “නොපලී”
පදක්කමත් රාජකීය නක්ෂත්‍ර සංගමයේ රන් පදක්කමත් හිමිකර ගැනීමට මට හැකිවිය.
කිසිදු අංශුවකට ආලෝක වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළ නොහැකි බවත්, වස්තුවක ස්කන්ධය නියම නැති බවත් , එතෙක් එය නිරීක්ෂකයාට පෙනෙන ආකාරයට එම වස්තුවේ වේගය
මත රදා පවතින බවත් මගේ විද්‍යාත්මක සොයාගැනීම් තුළින් මා ලැබූ
ප්‍රධාන නිගමනයන් ලෙස සැලකිය හැකියි.
1952 වසරේදී ඊශ්‍රායල් රජයේ
ජනාධිපති පදවිය භාරගන්නාලෙස මා වෙත කරන ලද ආරාධනය
මා විසින් ප්‍රතික්ෂේප වුයේ තව දුරටත් විද්‍යා ලෝකයට සේවය කිරිමට මා තුළ
වූ දැඩි ආශාව නිසාමය. විද්‍යා විෂයෙන් නොනැවත
ලෝක සාමය උදාකරලීම උදෙසා බලවත්
උත්සාහයෙන් කටයුතු කරමින් සිටි 1955 වසරේදී මෙලොව හැරයාමට සිදුවූ මම අංගවිකග පුද්ගලයෙකු ලෙස ඉපිද මහා ගණිතඥයකු හා විද්‍යාඥයකු ලෙස ලොව පතල වූ ඇල්බර්ට් අයිස් ටයින් වෙමි.
No comments:
Post a Comment